Update: යෝෂිත නැවතත් හමුදාවට

Friday, 06 March 2015 - 12:59

Update%3A+%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ, නාවික හමුදා මූලස්ථානයට අනුයුක්ත කර තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කමාන්ඩර් ඉන්දික ද සිල්වා සඳහන් කළේ මේ මස 9 වැනිදා සිට මෙලෙස යෝෂිත රාජපක්ෂ නාවික හමුදා මූලස්ථානයේ රාජකාරී සඳහා අනුයුක්ත කර ඇති බවයි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලූතිනන්වරයෙකු වන යෝෂිත රාජපක්ෂ පෙබරවාරි 12 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයට අනුයුක්ත කර තිබුණා.



Update: Friday, 06 March 2015 - 07:19 PM
............................................................

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ නැවත වරක් නාවික හමුදා මූලස්ථානයට අනුයුක්ත කර තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කමාන්ඩර් ඉන්දික ද සිල්වා සඳහන් කළේ මේ මස 9 වැනිදා සිට මෙලෙස යෝෂිත රාජපක්ෂ නාවික හමුදා මූලස්ථානයට අනුයුක්ත කර ඇති බවයි. යෝෂිත රාජපක්ෂ මේ වනවිට හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවයේ යෙදී සිටිනවා. ඔහු ඊට අනුයුක්ත කෙරුණේ පසුගිය මස 12 වැනිදායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories