මිග් ගනුදෙනු ගැන නඩුව සමථයකට

Friday, 06 March 2015 - 19:43

%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7
යුද සමයේ මිග් යානා මිලට ගැනීමේදී වංචා කළ බවට සන්ඬේ ලීඩර් පුවත්පත පළ කළ ලිපි පෙළක් නිසා තමන්ට අපහාස වූ බව පවසමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනුකළ නඩුව සමථයකට පත් කර ගැනීමට දෙපාර්ශවය අද (06) එකඟතාවය පළ කළා. ඒ, මීට අදාළ නඩුව ගල්කිස්ස දිසා විනිසුරු ගිහාන් සී. රණවක ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදියි.

2006 වසරේ දී සිදුවූ මෙම මිග් යානා ගනුදෙනු සම්බන්ධයෙන් 2009 වසරේදී ජුලි, අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසවලදී සන්ඬේ ලීඩර් පුවත්පතේ අඛණ්ඩව ලිපි පළ වුණා. එමගින් පෙන්වා දී තිබුණේ අදාළ ගනුදෙනුව සිදුකිරීමේදී වංචා සිදුවී ඇති බවටයි. අනතුරුව හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ සම්බන්ධයෙන් එම පුවත්පතෙන් රුපියල් කෝටි 10ක වන්දි මුදලක් ඉල්ලා නඩුවක් ගොනු කළ අතර, ගල්කිස්ස දිසා අධිකරණයේ එය වසර 7කට ආසන්න කාලයක් විභාගයට ගැනුණා.

පැමිණිල්ල වෙනුවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා ද සාක්ෂි ලබාදුන් අතර අද දිනයේදී විත්ති පාර්ශවය වන සන්ඬේ ලීඩර් පුවත්පතට ඊට අදාළ කරුණු දැක්වීමටයි නියමිතව තිබුණේ. එහිදී එම පුවත්පත වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් නඩුව සමථයකට පත් කර ගැනීමට එකඟතාවය පළ කළ අතර හිටපු ආරක්ෂක ලේකම්වරයාට කණගාටුව පළ කරමින් ලිපියක් ද පුවත්පතේ පළ කිරීමට කැමැත්ත පළ කළා. ඊට අදාළ කොන්දේසිය ඉදිරිපත් කළේ ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories