විද්‍යුත් කරපටි සහිත අලි පැටවුන් 10කට නිදහස

Saturday, 07 March 2015 - 7:56

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+10%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83
උඩවලව ඇත් අතුරු සෙවනේ හැදී වැඩුණු අලි පැටවුන් දස දෙනෙකු නැවත ඔවුන්ගේ නිජබිම් වෙත මුදා හැරීම ඊයේ (06) සිදුකෙරුණා. තණමල්විල, හම්බන්තොට, ලූණුගම්වෙහෙර, වාකරේ, සීගිරිය සහ මොරවැව ප්‍රදේශවලිනුයි මෙම අලි පැටවුන් ඇත් අතුරු සෙවන වෙත රැගෙනවිත් තිබුණේ. ඒ අනුව දෙගම්බඩ, සමරි, මත්තල, ගගනි, බුවනෙක, වාකරේ, කේන්, උමා, ශ්‍රිමාල් සහ මෙරිසා යන අලි පැටවුන් ඇත් අතුරු සෙවනින් මුදා හැරුණු බව උඩවල ඇත් අතුරු සෙවන ඇතුළු  වනජීවි දකුණු කලාපය භාර පශු වෛද්‍ය නිලධාරී විජිත පෙරේරා ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories