රේස් බයි රේස් මධ්‍යස්ථානවලට පාසල් සිසුන් යන බවට තොරතුරු

Saturday, 07 March 2015 - 9:34

%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
රේස් බයි රේස් ඔට්ටුපොළ ඇතුළත සිදුකෙරෙන නීතිවිරෝධී ක්‍රිකට් සූදුව පිළිබඳව අප මීට පෙර කරුණු හෙළි කළා. දින ගණනාවක් රේස් බයි රේස් මධ්‍යස්ථානවල ක්‍රියා ගවේෂණය කළ අපට දැක ගත හැකි වූයේ ඒ තුළ නීතිවිරෝධී ක්‍රියා රැසක් සිදුවන බවයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර පුවත්පත් පවා මුද්‍රණය කරමින් නීතිවිරෝධී මුදල් ඔට්ටු ලබා ගන්නා ආකාරයයි අප පසුගිය දින කිහිපය පුරා හෙළි කළේ. මෙවැනි නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විමර්ශන ඒකකයක් ද ස්ථාපිත කර තිබෙනවා. එහෙත් මහා පරිමාණයෙන් මෙවැනි කටයුතු සිදුවද්දී එහි බලධාරීන් නිද්‍රාශීලීව පසුවීම විමතියට කරුණක්.

නීතිවිරෝධී ක්‍රිකට් ඔට්ටු දැමීම්වලට අමතරව පරිගණක ක්‍රියාවලියක් ආශ්‍රිතව සිදුවන සුනඛ තරඟ සඳහා ද ඔට්ටු දැමීමේ ක්‍රියාවලියක් මෙම මධ්‍යස්ථානවල ක්‍රියාත්මකයි. එය ට්‍රැක් සයිඞ් සූදුව ලෙස හැදින්වෙනවා. මෙය කලකට පෙර ශ්‍රී ලංකාව තුළ තහනම් කෙරුණු ජැක්පොට් සූදුවට බෙහෙවින් සමානයි. විනාඩි දෙක හමාරෙන් දෙක හමාරට මෙම සූදුව ක්‍රියාත්මක වන අතර අප කළ ගවේෂණයේදී හෙළි වූයේ පාසල් සිසුන් ද මෙම සූදුවට ඇබ්බැහි වී ඇති බවයි.

මෙරට බලධාරීන්ගෙන් අපට ඇසීමට ඇති පැණය වන්නේ නීතිවිරෝධී ලෙස මෙලෙස ජනතා මුදල් කොල්ලකෑමට රේස් බයි රේස් ඔට්ටු මධ්‍යස්ථානවලට තව කොපමණ කලක් ඔබ ඉඩදෙන්නේ ද යන්නයි. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories