උතුරේ ධීවරයන්ගේ අයිතිය පාවා දෙන්න බැහැ - අගමැති

Saturday, 07 March 2015 - 12:54

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුව සඳහා දෙපාර්ශවයේම අයිතීන් සුරැකෙන ආකාරයෙන් සාධාරණ එකඟතාවකට පැමිණීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. එහෙත් ඉන්දීය ධීවරයන්ගේ ආක්‍රමණශීලී පිළිවෙත්වලට ප්‍රතිචාර දැක්වීමට ද සූදානම් බවයි චෙන්නායි හි තන්දි රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම දෙමළ රූපවාහිනී සේවාව සඳහා ලබාදුන් මෙම සම්මුඛ සාකච්ඡාවට ඉන්දියාවේ ප්‍රධාන පුවත්පත් රැසක අද ප්‍රමුඛස්ථානයක් ලබාදී තිබුණා.

කිසිවෙකු නිවසකට කඩා වැදුණුහොත් වෙඩි තැබීමට නිවෙස් හිමියාට අයිතියක් ඇති ආකාරයෙන් ඉන්දීය ධීවරයන් සම්බන්ධයෙන්ද කටයුතු කළ හැකියි. එහෙත් තමා එවැනි අවස්ථාවන්හිදීද දැඩි සීමාවක් පනවා ගන්නා බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ මසුන් මැරීමට මෙරට ධීවරයන්ට අවස්ථාවක් ලැබිය යුතුයි. යාපනයේ ධීවරයන්ට මසුන් මැරීම තහනම් කිරීම ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු තීරය ආක්‍රමණය කිරීමට හේතුවයි. එලෙස පැමිණෙන ඉන්දීය ධීවරයන් සමගද සාධාරණ එකඟතාවකට පැමිණිය හැකියි. එහෙත් එය උතුරේ ධීවරයන්ගේ ආදායම පරදුවට තබා සිදුකළ නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුව විසඳීම සඳහා දෙරටේ ධීවර ප්‍රජාව සහභාගිවිය යුතුයි. කෙසේ නමුත් ඉන්දීය ධීවරයන්ට ට්‍රෝලර්යාත්‍රා යොදාගෙන මෙරට මුහුදේ මසුන් මැරීමට ඉඩදිය නොහැකි බවයි අග්‍රාමත්‍යවරයා පෙන්වා දුන්නේ. විශේෂයෙන් මත්ස්‍ය සම්මත මුළිනුපුටා දමන ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා සඳහා මෙරට මුහුදු තීරයේ මසුන් මැරීමට බලපත්‍ර නිකුත් කළ නොහැකියි. ශ්‍රී ලාංකික ධීවරයන් මේ ආකාරයෙන් ඉන්දීය මුහුදු තීරය ආක්‍රමණය කළහොත් ඇතිවන තත්ත්වය කුමක්දැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රශ්න කර සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories