සරුබව වැඩි වෙන්න - බර අඩු කර ගන්න

Saturday, 07 March 2015 - 13:22

%E0%B7%83%E0%B6%BB%E0%B7%94%E0%B6%B6%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%B6%E0%B6%BB+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
පුරුෂයන්ගේ සරුභාවය වර්ධනය කිරීම සඳහා ශරීරයේ බර අඩු කිරීම අතිශය තීරණාත්මක වන බව නව වෛද්‍ය පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. කැනඩාවේ ෂර්බෲක් සරසවියේ වෛද්‍ය විද්‍යාඥයන් පිරිසක් සිදුකළ මෙම පර්යේෂණයේදී හෙළි වී ඇති තවත් කරුණක් වන්නේ පියයුරු පිළිකා සඳහා ලබාදෙන ඖෂධයක් ද කාන්තාවන්ගේ සරුභාවය ඉහළ නැංවීමට හේතු වන බවයි. ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශවයේම සරුභාවය සඳහා ශරීරයේ බර අඩු කිරීම වැදගත් වන බව මෙහිදී හෙළි වී ඇති කරුණක්. විශේෂයෙන් පුරුෂයන්ගේ අමතර මේද, ලිංගික හෝමෝනවල සමබරතාව වෙනස් කරන අතර, එමගින් සක්‍රිය ශුක්‍රාණු සංඛ්‍යාව අඩු විය හැකි බවයි එම වෛද්‍ය විද්‍යාඥයන් පිරිස පෙන්වා දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories