ඉහළ පොලිස් නිලධාරින් 23 කට මාරුවීම්

Sunday, 08 March 2015 - 8:51

%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+23+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A
නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනෙකු ඇතුළු ඉහළ පොලිස් නිලධාරින් 23 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුවීම් ලබාදී තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 18 දෙනෙකු සහ එක් පොලිස් අධිකාරිවරයෙකු ද ඊට ඇතුළත්. සේවා අවශ්‍යතාවයන් සලකා මහජන සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශ මත පොලිස්පතිවරයා මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.

ඒ අනුව, බස්නාහිර දකුණ දිසාව රථවාහන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති, පී.ඞී.ඒ.කේ සේනාරත්න බස්නාහිර පළාත් රථවාහන අංශයට මාරු කර යවා තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති, එච්.ඞී.කේ.එස් ජයසේකර ත්‍රිකුණාමලය දිසාවේ සිට බස්නාහිර පළාත් දකුණු දිසාව වෙත මාරු කර යවා ඇති අතර, නියෝජ්‍ය පොලිස්පති, වී.ඉන්ද්‍රන් සුබසාධක දිසාවේ සිට ත්‍රිකුණාමලය වෙත මාරු කර යවා තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති, ඊ.ඒ.එස් එදිරිසිංහ කළුතර දිසාවේ සිට මාරු කර ඇත්තේ සුබසාධක දිසාවටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories