19 වන සංශෝධනයට කොමිෂන් සභා දෙකක්

Sunday, 08 March 2015 - 13:11

19+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%82%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට කඩිනමින් සිදුවෙමින් පවතිනවා. ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ වත්මන් ජනාධීපති මෛත්‍රීපාල සිරිසේනගේ දින 100 වැඩසටහනේ ප්‍රධාන යෝජනාව වන්නේද විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයයි. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු කරුණු සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා කටයුතු පිළිබද උපදේශක ආචාර්ය ජයම්පති වික්‍රමරත්න විමසීමක් කළා. ඔහු කියා සිටියේ මූලික අයිතිවාසිකම් නඩුවක් මගින් ජනාධිපතිවරයාගේ නිල කටයුතු ප්‍රශ්න කිරීමට නව ව්‍යවස්ථා සංශෝධනය හරහා හැකියාව  පවතින බවයි. වර්තමාන ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයාට පවතින මුක්තිය හේතුවෙන් ඔහුගේ කටයුතු ප්‍රශ්න කළ නොහැකියි.

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට පත්කිරීම් සිදුකිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අගවිනිසුරු, අධිකරණ අමාත්‍යවරයා, නීතිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයාගේ අදහස් ලබාගත යුතු බවයි ඔහු කියා සිටියේ.

දැනට පවතින කොමිෂන් සභාවලට අමතරව ජාතික විගණන කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව නමින් නව කොමිෂන් සභා දෙකක් නව ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කෙරෙන බවද ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සඳහන් කළා.

නව ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාද ලැබී ඇති බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories