කැඳවූ තානාපතිවරුන් වෙනුවට නව පත්වීම්

Sunday, 08 March 2015 - 13:18

%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A
විදේශ සේවය සඳහා නව තානාපතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 29 දෙනෙකු පත් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ යෝජනාවකට අනුව, මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවයි හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන් කළේ. විශේෂයෙන් දේශපාලන පදනමක් මත පසුගිය රජය පත් කළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් වෙනුවට මෙම නව නිලධාරින් අනුයුක්ත කෙරෙනු ඇති.

බොහෝදුරට නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුරට විදේශ අමාත්‍යාංශයේ හිටපු නීති උපදේශක ජනාධිපති නීතීඥ ආචාර්ය රොහාන් පෙරේරා නම් කරනු ඇති බවයි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ. ඒ අනුව, ඔහු පත් කෙරෙන්නේ දැනට එම තනතුරේ කටයුතු කරන ආචාර්ය පාලිත කොහොන වෙනුවටයි.

ඕස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකා මහකොමසාරිස් විශ්‍රාමික අද්මිරාල් තිසර සමරසිංහ සහ නියෝජ්‍ය මහකොමසාරිස් ලක්ෂ්මන් හුලූගල්ල, ජපානයේ ශ්‍රී ලංකා තානාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, තානාපති නිලධාරින් 27 දෙනෙකු නව රජය පත්වීමෙන් අනතුරුව ආපසු කැඳවනු ලැබුවා.

නව තානාපතිවරුන් අතරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න ද ඇතුළත් වන අතර ඇය තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස පත්වනු ඇතැයි අපේක්ෂිතයි. පත් කිරීමට යෝජිත නව තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්ගේ නම් ලැයිස්තුව මූලික සාකච්ඡාවලින් අනතුරුව පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව වෙත යොමුකරනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories