පළාත් සභා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ඇමති රාජිතට එරෙහිව විනය පරීක්ෂණයක් ඉල්ලයි

Sunday, 08 March 2015 - 19:13

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් පවසනවා. කළුතර දී අද (08) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් බස්නාහිර පළාත් සභා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී පියල් නිශාන්ත මේ බව සදහන් කළා. පසුගිය සිකුරාදා මහනුවරදී පැවති ජනහමුවට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ට විනය පරීක්ෂණයක් සිදුකර ඔවුන් පක්ෂයෙන් ඉවත් කළ යුතු බවට අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශයක් සිදුකර ඇති බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ. පළාත් සභා මන්ත්‍රී පියල් නිශාන්ත ප්‍රකාශ කරන්නේ තමන්ට විනය පරීක්ෂණ පැවැත්වීම පසෙකලා අමාත්‍ය රාජිත සේනාරත්නට විනය පරීක්ෂණ සිදුකළ යුතු බවයි. පසුගිය සමයේ ඔහු පක්ෂයෙන් ඉවත්වී පක්ෂය පරාජය කිරීමට කුමන්ත්‍රණ කළ බව ද පළාත් සභා මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories