ලංකාවට එන එක ගැන මොදී සතුටින්ලු ඉන්නේ

Monday, 09 March 2015 - 7:54

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%9C%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම පිළිබඳව තමන් ඉතා සතුටින් සහ විශ්වාසයෙන් පසුවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළා. දෙරට අතර සබඳතා ඉදිරි වසර කිහිපය තුළ තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකි වනු ඇති බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය පණිවුඩයෙන් පෙන්වා දෙන්නේ. ලබන 13 වන දා දෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යාපනයේ ද සංචාරය කිරීමට නියමිතයි. වසර 28කට පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක යෙදෙන පළමු අවස්ථාව ද මෙය වනවා.

මේ අතර, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය සඳහා න්‍යාය පත්‍රය සැකසීම අරමුණු කර ගනිමින් ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් ද පසුගිය සිකුරාදා දිවයිනට පැමිණියා. ඇයගේ දෙදින නිළ සංචාරය තුළදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ  දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් ද මුණ ගැසුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories