NDTV පැයක් නවතී

Monday, 09 March 2015 - 8:17

NDTV+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
ඉන්දියාවේ එන්.ඞී.ටී.වී. ප්‍රවෘත්ති නාලිකාව ඊයේ රාත්‍රියේ පැයක පමණ කාලයක් සිය විකාශන කටයුතු අත්හිටුවා තිබෙනවා. බී.බී.සී. රූපවාහිනී සේවය විසින් නිෂ්පාදනය කර එන්.ඞී.ටී.වී. ප්‍රවෘත්ති නාලිකාව මගින් ඉන්දියාවේ විකාශය කිරීමට නියමිතව තිබූ වාර්තා වැඩසටහනක් එරට බලධාරීන් විසින් වාරණයට ලක් කිරීමට විරෝධය පළ කරමිනුයි එලෙස විකාශය අත්හිටුවා ඇත්තේ.  ඉන්දියන් ඩෝටර් නැමති මෙම වාර්තා වැඩසටහනට තේමාව වී ඇත්තේ දිල්ලි නගරයේ බස්  රථයක් තුළදී තරුණියක් සමූහ දූෂණයට ලක්කිරීමේ කථා පුවතයි. මෙම විරෝධතාව සම්බන්ධයෙන් එන්.ඞී.ටී.වී. ප්‍රවෘත්ති සේවාවේ කතෘ මණ්ඩල ප්‍රධානී සෝනියා සිං පවසන්නේ නිශ්ශබ්දව බලධාරීන්ට තම විරෝධය පළ කිරීම තවදුරටත් සිදු කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories