Update : විමල්ගෙන් අල්ලස් කොමිසම පැය 4ක් ප්‍රශ්න කරයි

Monday, 09 March 2015 - 9:59

Update+%3A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සිය වත්කම් ඉපයීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවට ගිය ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශගෙන් පැය 4කට අධික කාලයක් ප්‍රශ්න කර තිබෙනවා.

අද (09) පෙරවරු 9.30ට විමල් වීරවංශ මන්ත්‍රීවරයා නීතිඥවරයෙකු සමඟ අල්ලස් කොමිසමට පැමිණි අතර, එහිදී ඔහුගෙන් පැය 3යි විනාඩි 10ක කාලයක් ප්‍රශ්න කර තිබෙනවා. දිවා ආහාරය සඳහා අල්ලස් කොමිසමෙන් පිටතට යාමට හිටපු අමාත්‍යවරයාට අවසර ලබාදුන් අතර, ඉන් අනතුරුව යළිත් පැයක පමණ කාලයක්  ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. 



Update : Monday, 09 March 2015 - 07:21 PM
----------------------------------------------------

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ අල්ලස් කොමිසම වෙත අද (09) පෙරවරුවේ පැමිණියා. ඒ, අල්ලස් කොමිසම සිදුකළ දැනුම්දීමකට අනුව සිය වත්කම් ඉපයීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි. පෙරවරු 9 යි 30 ට නීතීඥයෙකු සමග අල්ලස් කොමිසම වෙත ගිය විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බවයි එම ස්ථානයට ගොස් සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

මීට පෙර හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෙජිනෝල්ඞ් කුරේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන, ලක්ෂ්මන් වසන්ත යන අය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්න කළා. ඒ, වත්කම් ඉපයීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ පැමිණිලි සම්බන්ධයෙන්.

Update : Monday, 09 March 2015 - 13:13
----------------------------------------------------
විමල් වීරවංශ අල්ලස් කොමිසමට

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ අල්ලස් කොමිසම වෙත අද පෙරවරුවේ පැමිණියා. ඒ, අල්ලස් කොමිසම සිදුකළ දැනුම්දීමකට අනුව සිය වත්කම් ඉපයීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories