Update: ගෝඨාභය ඇතුළු 4කට රටින් පිටවීම තහනම්

Monday, 09 March 2015 - 12:25

Update%3A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+4%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ඇවන්ගාඞ් පාවෙන අවි ගබඩාව සම්බන්ධ සිද්ධියට අදළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ 4 දෙනෙකුට අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි රටින් පිටවීම තහනම් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගනු ලැබූ නියෝගයකට අනුවයි මෙම තහනම පනවා ඇත්තේ. හිටපු ආරක්ෂක ලේකම්වරයාට අමතරව, හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක, ඇවන්ගාඩ් අධ්‍යක්ෂ කිත්සිරි මංජුල කුමාර යාපා සහ රක්නා ලංකා සමාගමේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් එගොඩවෙලට මෙලෙස විදේශගතවීම තහනම් කර තිබෙනවා.

ඇවන්ගාඩ් සහ රක්නා ලංකා පෞද්ගලික ආරක්ෂක සමාගම් සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ සමාජයේ දැඩි කතාබහක් ඇති වුණේ එම සමාගම්වලට අයත් ගබඩාවලින් අවි ආයුධ සොයා ගැනීම හේතුවෙන්. ඇවන්ගාඩ් පෞද්ගලික ආරක්ෂක සේවා ආයතනය කුලී පදනම මත ලබා ගත් ගාලූ වරායේ නැංගුරම්ලා තිබූ ‘මහනුවර’ නමැති නෞකාවේ තිබී ගිනි අවි 3154ක්, විවිධ වර්ගයේ උණ්ඩ හත්ලක්ෂ 47,859ක් පොලීසිය මීට පෙර සොයා ගත්තා.

මේ අතර, ඇවන්ගාඩ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික නිශ්ශංක සේනාධිපතිට රටින් පිටවීම වළක්වාලන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම අද ප්‍රතික්ෂේප වී තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද නඩුව කැදවූ අවස්ථාවේදී සදහන් කළේ සැකකරුවෙකු නොවන පුද්ගලයෙකුට එරෙහිව මෙවන් නියෝග නිකුත් කිරීම ගැටළුසහගත බවයි. එම නිසා ඔහු සැකකරුවෙකු කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව ලබන 12 වන දාට අධිකරණයට කරුණු දන්වන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටියා.



Update: Monday, 09 March 2015 - 07:04 PM
.....................................................................

ඇවන්ගාඞ් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ 4 දෙනෙකුට අද සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් ගමන් තහනමක් පනවා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගනු ලැබූ නියෝගයකට අනුවයි මෙම ගුවන් ගමන් තහනම පනවා ඇත්තේ.  හිටපු ආරක්ෂක ලේකම්වරයාට අමතරව රක්නාලංකා අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් එගොඩවල, ඇවන්ගාඞ් අධ්‍යක්‍ෂ කිත්සිරි මංජුල කුමාර යාපා සහ හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායකටද මෙලෙස විදේශ ගමන් තහනම් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories