බැදුම්කර නිකුතුව ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

Monday, 09 March 2015 - 12:59

%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා මහබැංකුව මගින් බැංකු අණකර නිකුත් කිරීමේදී සිදුවූවායැයි කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලෙස අදාළ බලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

පසුගියදා මහ බැංකුව නිකුත් කළ 30 අවුරුදු භාණ්ඩාගාර වෙන්දේසියේදී මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනාට සම්බන්ධ සමාගම අක්‍රමිකතාවක් සිදුකරඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට රජය තීරණය කර තිබෙනවා. ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සදහන් කළේ මේ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන බවයි.

රුපියල් බිලියනයක ණය මුදලක් ලබාගැනීම සඳහා මෙම භාණ්ඩාගාර වෙන්දේසිය සිදුකළ අතර වසර 30 කින් කල් පිරෙන 9.35% සිට 9.75% දක්වා වන පොලියක් සමග ආපසු ගෙවන කොන්දේසියක් මත එම ණය මුදල ලබාගන්නා බව මහ බැංකුව මුලින් ප්‍රකාශ කර තිබුණා.

මහ බැංකු අධිපතිවරයාගේ බෑනාට සම්බන්ධ සමාගම විසින් ඉහළ පොලී අනුපාතිකයක් අදාළ බැදුම්කර සඳහා ඉදිරිපත් කර තිබූ අතර මහ බැකුව අදාළ ණය ප්‍රමාණය බිලියන 10 දක්වා වැඩිකළ බවටයි චෝදනා එල්ලවන්නේ.

මෙය බරපතල සිද්ධියක් ලෙස සළකා පරීක්ෂණයක් සිදුකරන බවයි ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා  වැඩිදුරටත් සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories