මහබැංකු අධිපතිගේ සේවය අත්හිටුවන්න

Tuesday, 10 March 2015 - 13:18

%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
පසුගිය මාසයේ සිදුකෙරුණු තිස් අවුරුදු භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ සිදුවූවා යැයි කියන අක්‍රමිකතා පිළිබදව කොළඹ අද (10) පැවැති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා.

මහබැංකු අධිපති අර්ජුණ මහේන්ද්‍රන්ගේ සේවය අත්හිටුවා මෙම ගනුදෙනුව පිළිබදව පරීක්ෂණයක් සිදුකළ යුතු බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක කියා සිටියේ ඊට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දිය යුතු බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ද මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ඊට එක්ව සිටි එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රශ්න කළේ මහබැංකු බැඳුම්කර වලින් වැඩි ප්‍රමාණයක් මහබැංකු අධිපතිවරයාගේ බෑණාට අයත් සමාගම මිලදී ගත්තේ කෙසේ ද යන්නයි.  

මේ අතර, මෙම භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී සිදුවූවායැයි කියන අක්‍රමිකතා සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලේකම්වරයා වෙත ඊයේ උපදෙස් ලබාදී තිබුණා.

රුපියල් බිලියනයක ණය මුදලක් ලබාගැනීම සඳහා මෙම භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සිදුකෙරුණේ පසුගිය 27 වනදායි. වසර 30කින් කල් පිරෙන, සියයට 9 යි දශම 3 යි 5 සිට 9 යි දශම 7යි 5 දක්වා වන පොලියක් සමග ආපසු ගෙවන කොන්දේසියක් මත එම ණය මුදල ලබාගන්නා බව මහ බැංකුව මුලින් ප්‍රකාශ කර තිබුණා.

මහ බැංකු අධිපතිවරයාගේ බෑනාට සම්බන්ධ සමාගම විසින් ඉහළ පොලී අනුපාතිකයක් අදාළ බැදුම්කර සඳහා ඉදිරිපත් කර තිබූ අතර මහ බැකුව අදාළ ණය ප්‍රමාණය බිලියන 10 දක්වා වැඩිකළ බවටයි චෝදනා එල්ලවන්නේ.

මෙම චෝදනා පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙය බරපතල සිද්ධියක් ලෙස සලකා පරීක්ෂණයක් සිදුකිරීමට රජය සූදානම් බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories