අරණායකදී පුතා පියා මරයි

Tuesday, 10 March 2015 - 13:21

%E0%B6%85%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මාවනැල්ල - අරණායක - අම්බලකන්ද ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුතා විසින් පියා ඝාතනය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (09) රාත්‍රියේදී පියා සමඟ නිවස තුළ සිටියදී මෙම පහරදීම සිදුකර ඇති බවයි. ඉඩම් අරවුලක් මත ඇතිවූ බහින්බස්වීමක් මෙම ඝාතනයට හේතු වී තිබෙනවා. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අම්බලකන්ද - නාරංගල  ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක පුද්ගලයෙක්. සැකකාර පුතා අරණායක පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, ගම්පහ - මල්වතුහිරිපිටිය - බුත්පිටිය ප්‍රදේශයේදී කාන්තාවක් සිරුරට ගිනි තබා ගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඊයේ රාත්‍රී කාලයේ නිවස තුළ මෙම ගිනි තබා ගැනීම සිදුකරගෙන ඇති බවයි. මෙම කාන්තාව කලක් මන්ද මානසිකත්වයෙන් සිටි බවට පොලීසිය සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා. කෙසේ වෙතත් සිරුරට ගිනි තබා ගැනීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නැහැ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories