ලේ බැංකුවේ හිටපු අධ්‍යක්ෂිකා බින්දුසාරටත් අල්ලස් කොමිසමෙන් නඩු

Wednesday, 11 March 2015 - 7:21

%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්‍ෂිකාව ඇතුලූ දෙදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඊයේ (10) චෝදනා ගොනු කළා. එම මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්‍ෂිකා  වෛද්‍ය රංජනී මල්ලිකා බින්දුසාර සහ එහි වෛද්‍ය අධිකාරී චම්පිකා ප්‍රබෝදනීට එරෙහිව අල්ලස් කොමිසම මෙලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනුකර ඇති බවයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ඔවුන් තම ධුර කාලවලදී  සිදුකළා යැයි කියන දූෂණ සම්බන්ධයෙන් වන පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසම මෙම පියවර ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories