පොලිස් මාරුවීම් 34ක්

Wednesday, 11 March 2015 - 9:00

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+34%E0%B6%9A%E0%B7%8A
සේවා අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 3 දෙනෙකු, පොලිස් අධිකාරීවරු 3 දෙනෙකු, සහකාර පොලිස් අධිකාරීවරු 21 දෙනෙකු සහ පොලිස් ස්ථානාධිපතිවරු 7 දෙනෙකු ස්ථාන මාරු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මහජන සාමය, ආපදා කළමනාකරණය සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝග මත මෙම මාරු කිරීම් සිදුකර ඇති බවයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන ඞී.එම්.ඞී.ජේ.ටී. ප්‍රියලාල් කෑගල්ල කොට්ඨාශයේ සිට මොණරාගල කොට්ඨාශය වෙතත්, එම්.එන්. සිසිර කුමාර තංගල්ල කොට්ඨාශයේ සිට ඇල්පිටිය කොට්ඨාශයටත්, සී.ඊ. වෙදිසිංහ කැළණිය කොට්ඨාශයේ සිට උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකරු ලෙසත් මාරු කර යවා තිබෙනවා. ඊට අමතරව පොලිස් අධිකාරීවරුන් ලෙස සේවය කළ කේ. කඩුපිටිය පානදුර කොට්ඨාශයේ සිට අධිවේගී මාර්ග කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස මාරු කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. ආර්.එම්.එස්.එස්.බී. රත්නායක හැටන් කොට්ඨාශයේ සිට කොළඹ දකුණු කොට්ඨාශය වෙතත්, අයි.එම්.එස්.කේ. යටවර ගොඩනැගිලි කොට්ඨාශයේ සිට හැටන් කොට්ඨාශය වෙතත් මාරු කර යවා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories