ශ්‍රී ලංකාවට වෙනසක් සිදුකළ හැකියි - බ්‍රිතාන්‍ය අගමැති කියයි

Wednesday, 11 March 2015 - 13:47

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව වෙනසක් කළ හැකි රටක් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ ලන්ඩන් නුවර - ඩව්නින් වීදියේ පිහිටි අගමැති නිල නිවසේ ඊයේ (10) පැවති ද්වීපාර්ශවික සාකච්ඡාවෙන් අනතුරුව බී.බී.සී පුවත් සේවය වෙත අදහස් දක්වමින්. ශ්‍රී ලංකාවේ සහජීවනය වෙනුවෙන් සහය වීමට බ්‍රිතාන්‍ය නිරන්තරයෙන් සූදානම් බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

‘‘ශ්‍රී ලංකාව තුළ දූෂණය තුරන් කිරීම සහ ප්‍රතිසංස්කරණ ඇති කිරීම මෙන්ම, ජාතීන් අතර එකමුතුකම ඇති කිරීමේ උත්සාහයට පුළුල් ලෙස සහය දෙන්න අප සූදානම්. මම බෙහෙවින්ම විශ්වාස කරනවා ප්‍රතිසංස්කරණ ඇති කිරීම සහ සහජීවනය ඇතිකොට ඉදිරි ගමනක් යාමට ශ්‍රී ලංකා රජය කැපවී තිබෙන බව. 30 වසරක යුද්ධයෙන් පසු ශ්‍රී ලාංකිකයන්ට අනාගතය සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැගීමට මෙය කදිම අවස්ථාවක්. ශ්‍රී ලංකාව කියන්නේ මෙම වෙනස්කම සිදුකිරීමට හැකියාවක් පවතින රටක් ලෙසයි මගේ විශ්වාසය. ඒ නිසා, බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙකු ලෙස ඒ හැමදේටම සහය ලබාදෙන්න සූදානම්. ’’ බ්‍රිතාන්‍ය අගමැතිවරයා ප්‍රකාශ කළේ එලෙසින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories