මෝදි, හිටපු ජනාධිපති හමුවීමට සූදානම්

Thursday, 12 March 2015 - 13:33

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%2C+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමටද ඉඩ ඇති බව හින්දු පුවත්පත පවසනවා. එම පුවත්පතේ පළවූ වාර්තාවක දැක්වෙන්නේ එවැනි හමුවකට අවශ්‍ය පරිසරය කොළඹදී සැකසෙමින් පවතින බවයි. හිටපු ජනාධිපතිවරයා හෙට කොළඹ ප්‍රදේශයේ රැඳී සිටීමට නියමිත බවද හින්දු පුවත්පතේ පළවූ වාර්තාවේ දැක්වෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම් එස්. ජේශන්කර්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ එවැන්නක් ගැන තමාට  මෙතෙක් දැනුම් දී නොමැති බවයි.

මේ අතර සංචාරයක් සඳහා හෙට දිනයේ ශ්‍රී ලංකාවට පැමිණෙන අග්‍රාමාත්‍යවරයා  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහ  විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මෙන්ම මුස්ලිම් සහ ද්‍රවිඩ පක්ෂ නායකයන්ද හමුවීමට නියමිත බවයි හින්දු වාර්තාව තවදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories