Update: නිවසකින් හිස් කබල් සහ අස්ථි කොටස් මතුවෙයි

Thursday, 12 March 2015 - 17:06

Update%3A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B6%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පානදුර - උයන්කැලේ ගාලූපාර අසල දෙමහල් නිවසක පහළ මහලයේ තිබී සොයාගත් සොහොයුරියන් දෙදෙනෙකුගේ හිස් කබල් දෙක සහ අස්ථි කොටස් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. රක්වාන ප්‍රදේශයේ පදිංචි ඔවුන්ගේ සොහොයුරෙකු වසර දෙකකට පසු අද (12) එම නිවසට පැමිණ තිබෙන අතර, ඉන් පසු මෙම අස්ථි කොටස් දැක පානදුර දකුණ පොලිසිය වෙත පැමිණිලි කර ඇති බව සඳහන්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ප්‍රදේශවාසීන් විසින් අදාළ සොහොයුරියන් ජීවත් වූ නිවසේ දොර දින කිහිපයක් තිස්සේ විවෘතව තිබීම හේතුවෙන් මෙම සොහොයුරා වෙත ඒ බව දැනුම් දී ඇති බවයි. ඒ අනුව අද දිනයේ මෙම සොහොයුරා සිය බාල සහෝදරියන් පදිංචි පානදුර නිවසට පැමිණ තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව සිදුකළ විමර්ශනවලදී මියගිය සහෝදරියන් දෙදෙනාගේ හිස් කබල් සහ ශරීර කොටස් එහි තිබී හමුවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ. වයස 70 ත්, 72 ත් යන මෙම සහෝදරියන් දෙදෙනාගේ හිස් කබල් සහ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට නියමිතයි.



Update: Thursday, 12 March 2015 - 17:06
.......................................................

පානදුර උයන් කැලේ,ගාලු පාර ආසන්නයේ දෙමහල් නිවසක පහත මාලයේ තිබී කාන්තාවන්ගේ බවට සැක කෙරෙන හිස් කබල් දෙකක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

තවද මෙය පැමිණිලි කර පුද්ගලයා සඳහන් කර ඇත්තේ මෙම සිරුරු තම සහෝදරියන් දෙදෙනාගේ බවයි.වැඩි විස්තර බලාපොරොත්තු වන්න...


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories