දැවැන්ත අපරාධ සිදු වූ ගම්මානයක් වටලයි

Friday, 13 March 2015 - 10:48

%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කරාපිටිය, ජස්ටින් කන්ද නමැති ප්‍රදේශයේ දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ගම්මානයේ නිවාස 75ක් පමණ තිබෙන අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 40ක් සහ පොලිස් නිලධාරීන් 140ක්  එකතු වී මෙම සෝදිසි මෙහෙයුම කරනු ලබයි.

ගාල්ලේ මහේස්ත්‍රත්ගේ සෝදිසි මෙහෙයුම් වරෙන්තුවක් මත මෙම මෙහෙයුම සිදු කරයි.පොද්දල පොලිසියේ ඉල්ලීම පරදී මෙය සිදු කරන අතර මෙම ගම්මානයේ විවිධ අපරාධ වලට සම්බන්ධ සහ මිනීමරුවන් විසින් සඟවන ලද කුඩු,ගංජා,ආයුධ ඇතැයි පොලිසිය සැක කරයි.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රී 12ට පටන් ගෙන ඇති මෙම මෙහෙයුමේදී දැනට ගංජා,කඩු සහ කිණිසි හමු වී තිබේ.අද සවස වන තුරු මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.





























ඡායාරූප - රත්ගම රොෂාන් පියතිලක 


තවත් විස්තර බලාපොරොත්තු වන්න...





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories