Update : 13 මුළුමනින් ක්‍රියාත්මක කරන්න

Friday, 13 March 2015 - 12:24

Update+%3A+13+%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
මෙරට දෙමළ ජනතාව ඇතුළු සියලූ ජනකොටස්වලට සමාන අවස්ථා සැලසෙන දේශපාලන විසඳුමක් සඳහා 13 වන සංශෝධනය කඩිනමින් සහ මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම අවශ්‍යතාවක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා. එමෙන්ම, 13 වන සංශෝධනයෙන් ඔබ්බට ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරන බවයි කොළඹ ජනාධිපති කාර්යාලයේ ද්වීපාර්ශවික ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු කියා සිටියේ. ත්‍රිකුණාමලය කලාපයේ ඉන්ධන සැකසුම් මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා සහය වීමට ඉන්දීය රජය සූදානම්.  ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඉන්දීය ගුවන්තොටුපලවලට පැමිණිමේදී වීසා බලපත් ලබා ගැනීමේ පහසුකම් අප්‍රේල් 14 වැනිදා සිංහල - දෙමළ අවුරුදු උත්සවයදා සිට ලබාදීමට කටයුතු කරන බවයි.
 
Update : Friday, 13 March 2015 - 13:00
.............................................................................................................................................

නව ඉන්දු - ලංකා ගිවිසුම් 4 ක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැත්වූ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවෙන් අනතුරුව දෙරට අතර ගිවිසුම් 4කට අත්සන් තැබුණා. අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙලෙස අත්සන් තැබුණු ප්‍රථම ගිවිසුම වන්නේ රාජ්‍ය තාන්ත්‍රික සහ නිල ගමන් බලපත්‍ර හිමියන් දෙරටේ සංචාරයන් සඳහා වීසා බලපත් වලින් නිදහස් කිරීමයි. දෙරට අතර රේගු කටයුතු පිළිබඳ සහයෝගිතාව සඳහා අවබෝධතා ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබුණා. තුන්වැනි ගිවිසුම වන්නේ තරුණ කටයුතු සංවර්ධනය සම්බන්ධයෙන් දෙරටේ තරුණ කටයුතු අමාත්‍යාංශය අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමයි. රුහුණු විශ්වවිද්‍යාලයේ රවීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශාලාවක් ස්ථාපිත කිරීම සඳහා ද ඉන්දු - ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුමකට අත්සන් තැබුණා.

Update : Friday, 13 March 2015 - 12:50
------------------------------------------------------------------------------------------------------------------
ලාංකිකයන්ට ඉන්දියාවේදී වීසා


ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියානු ගුවන්තොටුපලකට පැමිණ වීසා ලබා ගැනීමේ පහසුකම සලසන බව ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.
මෙම ක්‍රමය අප්‍රේල් 14 සිට ක්‍රියාත්මක කරන බව ද ඔහු පවසයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories