Update: ඉන්දියාවේ ප්‍රමුඛ අසල්වැසියා ශ්‍රී ලංකාවයි. - මෝදි පාර්ලිමේන්තුවේදී කියයි

Friday, 13 March 2015 - 15:10

Update%3A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%9B+%E0%B6%85%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ ප්‍රමුඛ අසල්වැසියා මෙන්ම හොඳම ව්‍යාපාරික සඟයා ද ශ්‍රී ලංකාව බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා. ඒ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද (13) අමතමින්.

පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගත්තේ කථානායක චමල් රාජපක්ෂ ඇතුළු මැතිඇමතිවරුන් විසින්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණීමට ලැබීම තමන්ට ලැබුණු ගෞරවනීය අවස්ථාවක් බවයි ඉන්දීය අග්‍රමාත්‍යවරයා මෙහිදී පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ. ඉන්දියාවේ ශක්තිමත්ම ආර්ථික සහකරුවා බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමට සූදානම් බව ඔහු අවධාරණය කළා.

දෙරට අතර ආරක්ෂක සබඳතා වර්ධනය කර ගැනීමේ වැදගත්කම ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා.

‘‘ඉන්දියාව තමයි දැනට ලෝකයේ ඉතා ඉක්මනින්ම දියුණු වෙන රට. ලෝකය ඉන්දියාව දකින්නේ ආර්ථික අවස්ථාව වැඩිපුරම තියෙන රටක් විදියට. හැබැයි අපේ අසල්වැසියන්ට තමයි වැඩිපුරම අවස්ථාව තියෙන්නේ ඒකෙන් ප්‍රයෝජන ගන්න. ඒකෙනුත් ප්‍රමුඛස්ථානය ගන්නවා ශ්‍රී ලංකාව. අපේ කලාපයේ ශ්‍රී ලංකාවට අවස්ථාව තියෙනවා ඉන්දියාවේ හොඳම සහ ශක්තිමත්ම ආර්ථික සහකරුවා වෙන්න. අපි ශ්‍රී ලංකාව සමඟ එකට වැඩ කිරීමට සූදානම්.’’

‘‘ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබ්බ සහයෝගීතාව උදව් වුණා ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා. රටවල් 2 ටම තියනවා තර්ජන. කාලෙන් කාලෙට විවිධ තර්ජනවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මුළු ලෝකෙම දැන් ත්‍රස්තවාදය පැතිරිලා තියන කාලයක්. එම නිසා රටවල් දෙක අතර තියන ආරක්ෂක සබඳතාවය මේ අවස්ථාවේදී තමයි උපරිමයෙන්ම තියෙන්න  ඕන.’’

ඉන්දීය රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සභා ගර්භයේ සිට පාර්ලිමේන්තුව ඇමතූ පළමු අවස්ථාව ද මෙයයි. පාර්ලිමේන්තුවේ සියලූ මන්ත්‍රීවරුන්ට ආචාර කරමින් සභා ගර්භයෙන් පිටව ගිය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනතුරුව විශේෂ තේ පැන් සංග්‍රහයකට ද එක්වුණා. මෙරට යුද්ධයේදී මිය ගිය ඉන්දියානු සාම සාධක හමුදා භටයින් සිහි කරමින් බත්තරමුල්ලේ ඉදිකර ඇති ස්මාරකයට ද ඔහු පුෂ්පෝපහාර දක්වනු ලැබුවා.



Update : Friday, 13 March 2015 - 7.00 PM
------------------------------------------------

අපේ ප්‍රමුඛ අසල්වැසියා ශ්‍රී ලංකාවයි - නරේන්ද්‍ර මෝදි

ඉන්දියාවේ ප්‍රමුඛ අසල්වැසියා ශ්‍රී ලංකාව බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා. ඒ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද (13) අමතමින්. පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගත්තේ කථානායක චමල් රාජපක්ෂ ඇතුළු මැතිඇමතිවරුන් විසින්. ශ්‍රී ලංකාව පාර්ලිමේන්තුවට පැමිණීමට ලැබීම තමන්ට ලැබුණු ගෞරවනීය අවස්ථාවක් බවයි ඉන්දීය අග්‍රමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. ශ්‍රී ලංකාව සමඟ සෑම අවස්ථාවකදීම සහයෝගයෙන් කටයුතු කිරීම ඉන්දියාවේ අරමුණයි. මෙරට යුද්ධය අවසන්වීම වැදගත් සංධිස්ථානයක්. ඉදිරියේදී සියලූ ජනතාවගේ හදවත දිනා ගැනීමේ වැඩපිළිවෙලක් අප ක්‍රියාත්මක කළ යුතුයි. ඉන්දියාවේ නව තාක්ෂණික ජයග්‍රහණවල ප්‍රතිඵල ශ්‍රී ලංකාවට ද අත්විදීමට හැකියාව ඇති බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Update : Friday, 13 March 2015 - 4.00 PM
------------------------------------------------
ඉන්දීය අගමැති පාර්ලිමේන්තුවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා දැන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණි අතර කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් සාදරයෙන් පිළිගන්නාලදි. මැති ඇමතිවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories