හෙජිං ගනුදෙනුව ගැන අසන්ත ද මෙල්ගෙන් ප්‍රශ්න කෙරේ

Friday, 13 March 2015 - 19:11

%E0%B7%84%E0%B7%99%E0%B6%A2%E0%B7%92%E0%B6%82+%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AF+%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
මහා පරිමාණ වංචා සිද්ධීන් 12ක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඩොලර් මිලියන 200ක පාඩුවක් සිදුවූ බව කියන තෙල් සංස්ථාවේ හෙජිං ගනුදෙනුව සහ 2006 දී ගුවන් හමුදාවට මිග් යානා 4ක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන වංචාව ද ඊට අයත්. හෙජිං ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත්තේ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අසන්ත ද මෙල්ගෙන්.

කෙරවලපිටිය විදුලිබලාගාරය ඉදිකිරීමේදී ඩොලර් මිලියන 122ක පාඩුවක් සිදුවී ඇති බවට වන පැමිණිල්ලක් සම්බන්ධයෙන් ද දැන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. එම විදුලි බලාගාරය ඉදිකිරීමට ඩොලර් මිලියන 332ක් වැය කෙරුණා. එහෙත්, එය ඩොලර් මිලියන 210කින් ඉදිකළ හැකිව තිබූ බවයි වාර්තා වන්නේ.

2014 නොවැම්බර් 21 වන දා පැවැත්වූ සමෘද්ධි ජාතික මහා සම්මේලනය වෙනුවෙන් දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් රුපියල් මිලියන 63ක මුදලක් වැය කර තිබෙනවා. එම වංචා චෝදනාව සම්බන්ධයෙන් දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආර්.කේ. රණවකගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද (13) ප්‍රශ්න කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories