ජනපති උනත් වසර 13ක සිර දඩුවම්

Saturday, 14 March 2015 - 9:11

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+13%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්ට එරට අපරාධ අධිකරණය ඊයේ (13) වසර 13ක සිර දඩුවම් නියම කළා. හිටපු ජනාධිපතිවරයාට මෙලෙස දඩුවම් නියම කෙරුණේ ත්‍රස්තවාදී චෝදනා යටතේයි. නෂීඞ් ජනාධිපති ධුරය දරණ සමයේ එරට මතභේදයට තුඩු දුන් අපරාධ අධිකරණයේ විනිසුරු අහමඞ් මොහොමඞ් අත්අඩංගුවට ගැනීම ඊට මුල් වූ සිද්ධියයි. මොහොමඞ් නෂීඞ් එම පියවර ගනු ලැබුවේ අපරාධ අධිකරණයේ විනිසුරුවරයා ඔහු නිවාස අඩස්සියට පත් කිරීම හේතුවෙන්. කෙසේ නමුත්, නෂීඞ්ගේ පාලනය බිඳ දැමූ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම්ගේ සොහොයුරු අබ්දුල්ලා යමීන්, නෂීඞ්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට කටයුතු කළා. මොහොමඞ් නෂීඞ් පරදවා අබ්දුල්ලා යමීන් ලද මැතිවරණ ජයග්‍රහණය ද මතභේදයට ලක්වූවක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories