19 ගේන්න අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට

Sunday, 15 March 2015 - 12:43

19+%E0%B6%9C%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
අමාත්‍ය මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (15) පස්වරු දෙකට පැවැත්වෙනවා. මෙහිදී 19 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට නියමිත බවයි සභා නායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

පිටු 62 කින් යුත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී ඉදිරිපත්වූ යෝජනාවලට ඉඩ සැළසීම සඳහා අද පවත්වන විශේෂ කැබිනට් රැස්වීමේදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ.  

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති නිදහස් සන්ධානයේ පක්ෂ නායක රැස්වීමේදී 19 වන ව්‍යවස්ථා සංශෝධනය සමග මැතිවරණ ක්‍රමයේ සිදුකළ සංශෝධන එක්වර ගෙන ආ යුතු බවට එකඟතාවකට පැමිණියා.  

නිදහස් සන්ධානය ගත් මෙම තීරණය පිළිබඳව ද හිරු ප්‍රවෘත්ති අංශය අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ලගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙම සංශෝධන දෙක පැමිණෙන්නේ වෙන වෙනම බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories