පෝලියෝ මුඛ මාත්‍රාව වෙනුවට එන්නතක්

Sunday, 15 March 2015 - 12:44

%E0%B6%B4%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B6%B8%E0%B7%94%E0%B6%9B+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A
පෝලියෝ රෝගය වැළැක්වීම සඳහා දැනට ලබාදෙන මුඛ මාත්‍රාව වෙනුවට එන්නතක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙරට පෝලියෝ මර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෙන්. නව වැඩපිළිවෙල ලබන මැයි මාසයේ සිට ක්‍රියාත්මක කරන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය පබා පළිහවඩන සඳහන් කළේ. මාස 4 න් පසු කුඩා දරුවන්ට ලබාදෙන දෙවන මාත්‍රාවේදී අදාල එන්නත ලබාදීමට ඒ අනුව කටයුතු යොදා ඇති බවයි ඇය තවදුරටත් කියා සිටියේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානය 2018 වර්ෂයේදී පෝලියෝ රෝගය ලොවෙන් තුරන් කිරීමේ ජාත්‍යන්තර වැඩසටහනට සමගාමීව පැවැත්වීමට නියමිතව පවතින බවයි වෛද්‍ය පබා පළිහවඩන සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories