බූරුපොලක් වැටලීමේදී පලාගිය පුද්ගලයෙකුගේ සිරුර මාඔයෙන්

Sunday, 15 March 2015 - 19:10

%E0%B6%B6%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%B8%E0%B7%8F%E0%B6%94%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
වෙන්නප්පුව - වයික්කාල ප්‍රදේශයේ බූරු පොළක් පොලීසිය වැටලීමට ගිය අවස්ථාවේදී එම ස්ථානයේ සිට පළා ගිය පුද්ගලයෙකු මාඔයට වැටී දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අදාළ වැටලීම ඊයේ (14) රාත්‍රියේ සිදුකර ඇති අතර, එම අවස්ථාවේදී එහි සිටි විශාල පිරිසක් පලා ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එහිදී පලා ගිය පුද්ගලයෙකු වයික්කාල - සින්දාත්‍රිය ප්‍රදේශයෙන් මාඔයට වැටී තිබෙනවා. පසුව ඊයේ රාත්‍රියේ සිට අද දහවල් දක්වා සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි අදාළ පුද්ගලයාගේ සිරුර සොයාගෙන ඇත්තේ. ඔහු වයික්කාල - කුළුමුල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දෙදරු පියෙක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories