ඇතැම් සංවර්ධන කටයුතු නතර වීමට හේතුව අගමැති පහදයි

Sunday, 15 March 2015 - 19:32

%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
එළඹෙන අලූත් අවුරුද්දෙන් පසු පවත්වන මහමැතිවරණයෙන් වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්ෂය දිනා ගන්නා බව එම පක්ෂයේ ජාතික නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. තොටළඟ ප්‍රදේශයේ අද (15) පෙරවරුවේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ නිදහස් පක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බවයි.

පසුගිය රජය ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු මේ වන විට නතර වී ඇති බවට විපක්ෂය එල්ල කරන චෝදනාවලට ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. ඔහු කියා සිටියේ පසුගිය රජය, එම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර ඇත්තේ අදාළ සමාගම්වලට මුදල් ගෙවීමෙන් තොරව බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි මහමැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories