හිටපු ජනපති කිරිවෙහෙර පුද බිමේ

Monday, 16 March 2015 - 8:04

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BB+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%9A
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කතරගම - කිරිවෙහෙර පූජා භූමියේදී ඊයේ පුණ්‍ය උත්සවයක් පැවැත්වුණා. එම අවස්ථාවට මහා සංඝරත්නය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා.  හිටපු අමාත්‍ය විමල් වීරවංශට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන සහ සාලින්ද දිසානායක  යන හිටපු අමාත්‍යවරුන් ද ඊට එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පළාත් සභා සහ පළාත්පාලන ආයතන නියෝජිතයින්ද එම අවස්ථාවට එක්ව තිබෙනවා. එහිදී හිටපු ජනාධිපතිවරයා, විහාරවාසී පූජ්‍ය තලගල ඤානීන්ද අනුනායක හිමියන් ද බැහැ දුටුවා. අදාළ පූජෝත්සවය නම් කර තිබුණේ ජාතික රණවිරුවන්ට සෙත් පැතීමේ ජාතික උත්සවය යනුවෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories