ඉන්දීය අගමැතිගේ ලංකා සංචාරයට පැසසුම්

Monday, 16 March 2015 - 12:56

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B7%83%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරටට ඉතා ඓතිහාසික සහ ශක්තිමත් සබඳතාවක් සඳහා මග විවරවී ඇති බව භාරතීය ජනතා පක්ෂය පවසනවා. දශක 3 කට පසුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු උතුර පළාතේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය වන බව පවසන භාරතීය ජනතා පක්ෂය තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළින් උතුර පළාතේ ජීවත්වන දෙමළ ජනතාවට ඉතා ධනාත්මක පණිවුඩයක් නිකුත් කර ඇති බවයි. මෝදි අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හරහා දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වූ බව මාධ්‍ය  වෙත නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කළා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් මෙරට සිටින ඉන්දීය ධීවරයන් නිදහස් කිරීම ඉතා හොඳ ප්‍රතිචාරයක් බවද එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories