මෙහෙ සිසුන් එහේ සිසුන්ටත් ලිපි යවයි

Monday, 16 March 2015 - 19:43

%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B7%84%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92+%E0%B6%BA%E0%B7%80%E0%B6%BA%E0%B7%92
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (16) මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරතවීමෙන් අනතුරුව තානාපති කාර්යාලය වෙත සංදේශයක් භාර දුන්නා.

ඒ, මියන්මාර රජය භාරයේ සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් 127  දෙනා නිදහස් කරන ලෙස ඉල්ලමින්. පසුගිය වසරේදී මියන්මාර රජය හඳුන්වා දුන් නව අධ්‍යාපන නීති මගින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ නිදහස් අධ්‍යාපනය කප්පාදු වන බවට පවසමින් සරසවි සිසුන් විරෝධතාවල නිරත වුණා. එහිදී විරෝධතාවල නිරත වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් 127 දෙනෙකු එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත්තා. පසුව ඊට එරෙහිව නේපාලය, බංග්ලාදේශ, මැලේසියාව, බ්‍රසීලය, කැනඩාව, චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක විශ්වවිද්‍යාල සිසුන් විරෝධතාවල නිරත වුණා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ද අද සංදේශයක් භාරදෙමින් ඉල්ලා සිටියේ මියන්මාර රජය භාරයේ සිටින විශ්වවිද්‍යාල සිසුන් නිදහස් කරන ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories