නාවල ඇළෙන් කපා දැමූ මිනිස් අතක් හමුවේ

Tuesday, 17 March 2015 - 7:03

%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%87%E0%B7%85%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
කපා දැමූ මිනිස් අතක් වැලිකඩ - නාවල ඇළ මාර්ගයේ තිබී හමුවී තිබෙනවා. ඊයේ (16) පස්වරුවේ එම ඇළ මාර්ගය ශුද්ධ පවිත්‍ර කරමින් සිටි පිරිසකට පුද්ගලයෙකුගේ බාහුව අසළින් කපා ඉවත් කරන ලද වම් අතක් හමුවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ. පසුගිය සෙනසුරාදා දෙමටගොඩ - සිරිධම්ම මාවත අසළ කුණු ඇළක තිබී සොයා ගත් මිනිස් පාද යුගලය සහ මෙම අත එකම පුද්ගලයෙකුගේ ද යන්න සොයා බැලෙනවා. ඒ සඳහා ඞී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.

දෙමටගොඩ - සිරිධම්ම මාවත අසළ කුණු ඇළක තිබී පසුගිය දා සොයා ගත් පාද යුගල සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව ඊයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණා. පොලීසිය සඳහන් කළේ අදාළ කාන්තාව සත්‍ය තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බවයි. පසුගිය 14 වන දා සිරිධම්ම මාවත අසළ කුණු ඇලක තිබී කපා දැමූ පාද යුගලයක් සහ යතුරු කැරැල්ලක් ද සොයා ගැනුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories