ශ්‍රීපාදයට නගිද්දී විදේශිකයකු මිය යයි

Tuesday, 17 March 2015 - 10:53

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B6%9C%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රීපාද ස්ථානය සංචාරය කිරීම සඳහා පැමිණි සිංගප්පූර් ජාතිකයෙකු ඊයේ (16) රාත්‍රියේ මියගොස් ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති  මහතා පවසයි. මෙසේ මියගොස් ඇත්තේ ටෑන් ඇන් මියන් (අවු.55) නැමති අයෙකි. තවත් සිංගප්පූර් සංචාරකයන් පිරිසක් සමග ඊයේ (16) පස්වරු 6 ට පමණ නල්ලතන්නියෙන් ශ්‍රීපාද මළුව දක්වා යන අවස්ථාවේ ඉදිකටුපාන ප්‍රදේශයේදී මොහු මියගිය බවත් ඉන් අනතුරුව මොහුගේ සිරුර පොලිස් නිළධාරීන් විසින් රැගෙනවිත් මස්කෙළිය රෝහලේ තැන්පත්කර ඇති බවත් නල්ලතන්නිය පොලීසිය පවසනවා. මෙම විදේශිකයා හෘදයාබාධයකින් මියයන්නට ඇති බව නල්ලතන්නිය පොලීසිය සැක පහලකරනවා.

















ඡායාරූප - රංජිත් රාජපක්ෂ
         


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories