මධ්‍යම පළාතේ උණුසුමෙන් විපක්ෂය එළියට යයි

Tuesday, 17 March 2015 - 12:36

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ප්‍රධාන අමාත්‍යවරයා ඉවත් කරන ලෙස ඉල්ලා තමන් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදැක්වූ බව පවසමින් මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් අද පැවති සභා වාරයෙන් ඉවත්ව ගියා. සභාපති මහින්ද අබේකෝන්ගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් සභාව පල්ලෙකැළේ පිහිටි පළාත් සභා ගොඩනැගිල්ලේ දී අද  (17) රැස්වූ අතර එහිදී මේ සම්බන්ධයෙන් ඇති වූයේ උණුසුම්කාරී තත්ත්වයක්. එහිදී තීරණය වූයේ මධ්‍යම පළාත් සභා රැස්වීම අප්‍රේල් 7 වන දා දක්වා කල් තැබීමටයි.

නිදහස් සන්ධානයට බලය හිමි මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු, සන්ධාන මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ප්‍රධාන අමාත්‍යවරයා ඉවත් කරන ලෙස ඉල්ලා ආණ්ඩුකාරවරිය පසුගිය 12 වැනිදා දිවුරුම් ප්‍රකාශ 32ක් ද භාර දුන්නා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories