පාකිස්තානය 12 දෙනෙකු එල්ලා මරයි

Tuesday, 17 March 2015 - 14:09

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+12+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පාකිස්තානය අද (17) පුද්ගලයන් 12 දෙනෙකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළා. එය එක් දිනයකදී පාකිස්තානයේ වැඩිම පිරිසකට මරණ දඬුවම ක්‍රියාත්මක කළ අවස්ථාව ලෙසයි සැලකෙන්නේ. 2008 වසරේ සිට අත්හිටුවා තිබූ මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට අගමැති නවාස් ශරීෆ් පසුගිය දෙසැම්බරයේ තීරණය කළේ තලෙයිබාන් සන්නද්ධ කණ්ඩායමක් පාකිස්තාන පාසලකට කඩා වැදී, ළමයින් 132 සහ ගුරුවරුන් 9 දෙනෙකු ඝාතනය කිරීමෙන් අනතුරුවයි. එතැන් සිට පුද්ගලයන් 37 දෙනෙකුට එරෙහිව පාකිස්තානය මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති අතර ඔවුන්ගෙන් බහුතරයක් සන්නද්ධ කණ්ඩායම්වල සාමාජිකයන්. මොවුන් ත්‍රස්තවාදී ක්‍රියාවලට මෙන්ම මිනී මැරුම් ඇතුළු දරුණු අපරාධවලට වරදකරුවන් වී විවිධ බන්ධනාගාරවල රදවා සිටි අය බවයි පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories