ලංකාවේ සොයා ගැනීමකින් මිනිස් ඉතිහාසය යළි ලියැවේ

Tuesday, 17 March 2015 - 14:53

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%9A
ඓතිහාසික රත්නපුර - කුරුවිට - බටදොඹ ලෙනෙන් සොයාගැනුනු වසර 20 000 ක් පැරණි ෆොසිලගත මිනිස් දත නිසා සමස්ත ලෝකයේ සියලූම විද්‍යාඥයින්ගේ අවධානය ශ්‍රී ලංකාව වෙත යොමුවී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පවසනවා. බටදොඹ ලෙන ආශ්‍රිතව ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයින් පිරිසක් පසුගිය වසරේ කැණීම් සිදුකළා. එහිදී මෙම ෆොසිලගත මිනිස් දත සොයාගෙන ඇති අතර ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය සිදුකළ පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ එය වසර 20 000 කටත් වඩා පැරණි බවයි. මේ හේතුව නිසා මානව ඉතිහාසය නැවත ලිවීමද සිදුවිය හැකි බවයි ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ විද්‍යාඥ පැටි‍්‍රක් රොබට් ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කළේ.

සදාහරිත වනාන්තර ජනාවාස වසර දස දහසකට පමණ පෙර පැවති බව මෙතෙක් පැවති විශ්වාසයයි. නමුත් බටදොඹ ලෙනෙන් සොයා ගැනුනු වසර 20 000කටත් වඩා පැරණි මෙම ෆොසිලගත මිනිස් දත නිසා එම කාලවකවානු වෙනස්වන බවයි ජාත්‍යන්තර විද්‍යාඥයින්ගේ මතය වී ඇත්තේ. හොරණ පාහියන්ගල ලෙන ආශ්‍රිතවද පසුගිය කාලසීමාවේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කැණීම් සිදුකළ අතර එහිදී වසර 35000 ත් 40000ත් අතර පැරණි බවට සැක කළ හැකි මිනිස් ඇටසැකිලි කිහිපයක්ද සොයාගත්තා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික කැණීම් අධ්‍යක්‍ෂක, කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ පුරාවිද්‍යා පර්යේෂක ආචාර්ය නිමල් පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මුළු ලෝකයේම විද්‍යාඥයින්ගේ අවධානය මේ වනවිට ශ්‍රී ලංකාව වෙත යොමුවී ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories