Update : කොළඹ කන්ටේනර් වර්ජනයට අධිකරණ වාරණයක්

Tuesday, 17 March 2015 - 15:09

Update+%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
එක්සත් ලංකා බහලූම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය නතර කිරීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති උදේනි කලූතන්ත්‍රී ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අධිකරණය ලබා දී ඇති වාරණ නියෝගයට ගරු කරමින් මෙලෙස වර්ජනය නතර කිරීමට සිය සංගමයේ කාරක සභාව තීරණය කළ බවයි.

ඉඟුරුකඩේ මංසන්ධියේ වරාය පිවිසුම් මඟ හරස් කරමින් කන්ටේනර් රථ රියදුරන් ආරම්භ කර තිබූ විරෝධතාව අත්හිටුවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද දහවල් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම වාරණ නියෝගය නිකුත් කළේ් ග්‍රෑන්ඞ්පාස් පොලීසිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

කොළඹ වරායේ බහලූම් ප්‍රවාහන කටයුතුවලට පිටතින් නව කන්ටේනර් ඇතුළත් කිරීමට බලධාරීන් ගත් තීරණයකට විරෝධය පළ කරමින් කන්ටේනර් රථ රියදුරන් සහ සහයකයන් මෙම වර්ජනය ආරම්භ කළේ ඊයේ උදෑසන සිටයි. ඔවුන් ඉඟුරුකඩේ මංසන්ධිය අසල වරාය පිවිසුම් මාර්ගය අවහිර කරමින් සිය කන්ටේනර් රථ නවතා තබා බහලූම් ප්‍රවාහන කටයුතුවලින් ඉවත්ව සිටියා. එම වර්ජනයට අද දිනයේදී වාප්පු ලිපිකරුවන්ගේ සංගම් 3ක් සහ වරාය අධිකාරියේ සේවකයන්ගේ සංගමයද එක්වුණා. 

Update : Tuesday, 17 March 2015 - 18:58
----------------------------------------------
කන්ටේනර් රථ රියදුරන්ගේ වර්ජනය අවසන්

එක්සත් ලංකා බහලූම් හිමිකරුවන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය නතර කිරීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති උදේනි කලූතන්ත්‍රී ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අධිකරණය ලබා දී ඇති වාරණ නියෝගයට ගරු කරමින් මෙලෙස වර්ජනය නතර කිරීමට සිය සංගමයේ කාරක සභාව තීරණය කළ බවයි. ඉඟුරුකඬේ මංසන්ධියේ වරාය පිවිසුම් මඟ හරස් කරමින් කන්ටේනර් රථ රියදුරන් ආරම්භ කර තිබූ විරෝධතාව අත්හිටුවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද දහවල් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ ග්‍රෑන්ඞ්පාස් පොලීසිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

Update : Tuesday, 17 March 2015 - 15:40
-------------------------------------------------
ඉඟුරුකඩේ විරෝධයට අධිකරණයෙන් අතුරු තහනමක්

ඉඟුරුකඩේ මංසන්ධියේ වරාය පිවිසුම් මඟ හරස් කරමින් කන්ටේනර් රථ රියදුරන් ආරම්භ කර තිබූ විරෝධතාව අත්හිටුවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ ග්‍රෑන්ඞ්පාස් පොලීසිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි. මේ අතර එක්සත් ලංකා බහලූම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ සභාපති උදේනි කළුතන්ත්‍රි ප්‍රකාශ කළේ අධිකරණ නියෝගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මේ වනවිට සිය සංගමයේ කාරක සභාව රැස්වී ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories