සැකකරුවන් පැය 48 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ඇති නීතිමය අයිතිය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමේ නියෝගයන් ඊයේ (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. මෙය සම්මත කර ගැනීම පසුවට කල් තැබුණා. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මෙම නියමයන් පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම පනත සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්ඡා කර සාමාන්‍ය නීතියක් බවට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි. ඊට පිළිතුරු ලබාදෙමින් හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් කියා සිටියේ මෙම පනත මගින් චූදිතයෙකුගේ අයිතිවාසිකම් ප්‍රමාණවත් ලෙස සුරක්ෂිත විය යුතු අතර, එමගින් සමාජය ආරක්ෂා විය යුතු බවයි. එමෙන්ම ශක්තිමත් නඩුකරණයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවකාශයක් සකසා දීම යන කරුණු මෙම යෝජනාවට ඇතුළත් විය යුතු බව ද ඔහු ප්‍රකාශ කළා.
Follow US
Most Viewed Stories