තඹුත්තේගම ප්‍රදේශයේ රේස් බයි රේස් මධ්‍යස්ථානයකට විරෝධය පළකරමින් මහා සංඝරත්නය ප්රමුඛ ප්‍රදේශවාසීන් ඊයේ (18) විරෝධතාවක නිරතවුණා. ඒ හේතුවෙන් අනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය පැය දෙකකට ආසන්න කාලයක් ඇණහිටියා. ඊයේ පෙරවරුවේ විරෝධතාව තඹුත්තේගම නගර මධ්‍යයයෙන් ආරම්භ වුණා. එය සංවිධාන කර තිබුණේ තඹුත්තේගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මූලිකත්වයෙන්. ඊට ප්‍රදේශයේ වෙළඳ ප්‍රජාව, බහුජන සංවිධාන සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියා. උද්ඝෝෂකයින් පෙළපාලියෙන් තඹුත්තේගම රැජින හන්දියේ පිහිටි අදාළ රේස් බයි රේස් සූදු මධ්‍යස්ථානය පවත්වාගෙන යන ස්ථානයට පැමිණියා.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී අදාළ සූදු මධ්‍යස්ථානය තාවකාලිකව වසා දමා තිබුණා. උද්ඝෝෂකයින් සඳහන් කළේ අවස්ථා කිහිපයකදීම තමන් මෙයට විරෝධය පළ කළ බවයි. එම අවස්ථාවේදී තාවකාලිකව වසා දමන සූදු මධ්‍යස්ථානය නැවතත් ආරම්භ කරන බවයි ඔවුන් පෙන්වා දුන්නේ.
අනතුරුව උද්ඝෝෂකයින් රැජින හන්දියෙන් අනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන මාර්ගය අවහිර කරමින්ද විරෝධතාවයේ නිරතවුණා.
පසුව උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට පොලීසියද පැමිණියා. එහිදී මාර්ගය අවහිර වන ලෙස නවතා තිබූ උද්ඝෝෂණයට සහභාගි වූ ත්‍රිරෝද රථ රියදුරෙකුගේ රියදුරු බලපත්‍රය පොලීසිය ලබාගැනීමත් සමග ඊට දැඩි විරෝධයක් එල්ලවුණා.
එම ස්ථානයට තඹුත්තේගම ප්‍රදේශයභාර සහකාර පොලිස් අධිකාරී පරාක්‍රම ඒකනායක පැමිණ ගැටළුවට විසඳුමක් ලබාදුන්නා. එමෙන්ම තලාව ප්‍රාදේශීය ලේකම්වරියද එම ස්ථානයට පැමිණ අදාළ රේස් බයි රේස් සූුදු මධ්‍යස්ථානය ඉවත් කිරීමට කටයුතු කරන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදීමෙන් අනතුරුව උද්ඝෝෂකයින් විසිර ගියා.
Update: Thursday, 19 March 2015 - 8:12 AM
---------------------------------------------------
තඹුත්තේගම සූදු මධ්‍යස්ථානයකට ජනතා විරෝධය
තඹුත්තේගම ප්‍රදේශයේ රේස් බයි රේස් සූදු මධ්‍යස්ථානයකට විරෝධය පළ කළ මහා සංඝ රත්නය ප්රමුඛ ප්‍රදේශවාසීන් අද (18) විරෝධතාවයක නිරත වුණා.
ඒ හේතුවෙන් අනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය පැය 2කට ආසන්න කාලයක් ඇණ හිටියා.

Follow US
Most Viewed Stories