පන්දහසේ සහ දහසේ මුදල් නෝට්ටු පරිහරණයේදී පරෙස්සමෙන්

Thursday, 19 March 2015 - 7:53

%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%84%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B6%BB%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
රුපියල් පන්දහසේ සහ දහසේ මුදල් නෝට්ටු පරිහරණය කිරීමේදී ඒ පිළිබඳව වඩාත් විමසිලිමත් වන ලෙස පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය දින කිහිපය තුළදී ප්‍රදේශ කිහිපයකින් රුපියල් 5 000 සහ දහසේ  ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් පොලීසිය සොයාගත්තා. කෑගල්ල ප්‍රදේශයේදී ඊයේ රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 22 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම අනුරාධපුර - උලූක්කුලම ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟින් පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගත් අතර ඔහු සතුව තිබී රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 16 ක් සහ රුපියල් 500 නෝට්ටු 8 ක් සොයා ගැනුනා.

මේ අතර රාගම - බටුවත්ත ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් හාරලක්ෂ 41,500ක වටිනාකමකින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් පෑලියගොඩ පොලීසිය සොයා ගත්තේ පසුගිය අඟහරුවාදායි. එම ව්‍යාජ මුදල් නෝට්ටු අතර 5000 නෝට්ටු 53 ක්, දහසේ නෝට්ටු 147 ක් සහ 500 නෝට්ටු 57 ක් තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ රුපියල් 5000 සහ දහසේ මුදල් නෝට්ටු භාවිතා කිරීමේදී මහජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories