සැකකරුගේ මියයාමේ සිද්ධියට පොලිස් සැරයන්ගේ වැඩ තහනම්

Thursday, 19 March 2015 - 7:59

%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A++%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A++%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ජා-ඇල පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ සැකකරුවෙකු ගෙළ වැළලාගෙන මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාඇල පොලීසියේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඒකල විශාකවත්ත ප්‍රදේශයේ පදිංචි සැකකාර පුද්ගලයා ඊයේ (18) අලූයම ජාඇල පොලීසියේ සිර මැදිරිය තුළ  මියගොස් සිටි අතර, ඔහු සිය කලිසම සිරකිරීමට භාවිතා කරන නූලක් උපයෝගී කරගෙන සියදිවි හානිකරගෙන තිබූ බවයි පොලීසිය සඳහන් කළේ. ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ මත්කුඩු ළඟ තබාගැනීම සහ ගෙවල් බිඳීම් චෝදනා යටතේයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් උප පොලිස් පරීක්ෂකවරයෙකුට ස්ථාන මාරුවක් ලබාදුන් බවයි.  





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories