හිටපු ජනපති මහර බන්ධනාගාරයට

Thursday, 19 March 2015 - 12:23

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B6%BB+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
වත්මන් ආණ්ඩුව යටතේ දේශපාලන පළිගැනීම් සිදුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ දැනට රිමාන්ඞ් භාරයේ පසුවන හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන බැලීම සඳහා මහර බන්ධනාගාරය වෙත අද උදෑසන පැමිණි අවස්ථාවේදීයි.  

ආයෝජන මණ්ඩලය සතු සමාගමකින් ඉවත් කරන ලද යකඩ තොගයක් රුපියල් ලක්ෂ 96කට ලබාදෙන බවට මුදල් ලබාගෙන එම පොරොන්දුව කඩ කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන පසුගියදා අත්අඩංගුවට ගත්තා. ඉන් අනතුරුව අධිකරණය නියෝග කළ් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් කටයුතු කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වෙනුවට එම සංවිධායක ධුරය අමාත්‍ය අර්ජුන රණතුංග වෙත ලබාදී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නියෝජනය කරමින්   පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කළ අර්ජුන රණතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමෙන් පසුවයි ඔහුට  මෙම සංවිධායක ධුරය පිරිනමා ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories