Update: ශරීර කොටස් රැගෙන ආවේ කවුද ? - CCTV දර්ශන පරීක්ෂාවට

Thursday, 19 March 2015 - 12:46

Update%3A+%E0%B7%81%E0%B6%BB%E0%B7%93%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%86%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF+%3F+-+CCTV+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
කොළඹ නගරයේ ස්ථාන කිහිපයකින් මිනිස් සිරුරු කොටස් හමුවීමේ සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සී.සී.ටී.වී කැමරා දර්ශන පිළිබඳ අවධානය යොමුකර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ කොළඹ නගරයේ ස්ථානවලින් මෙම සිරුරු කොටස් හමුවූ නිසා ඒ අවට නිවෙස්වල හෝ ආයතනවල පිහිටි සී.සී.ටී.වී කැමරාවල සාක්ෂි සටහන්ව තිබිය හැකි බවයි.

පසුගිය දින කිහිපය තුළදී කොළඹ නගරයේ ස්ථාන කිහිපයකින් පුද්ගල ශරීර කොටස් හමුවීමද තවමත් අභිරහසක්. වම් අත නොමැති පුද්ගල මළ සිරුරක් දියවන්නා ඔයේ තිබී සොයාගත්තේ පෙරේදා උදෑසනයි. මීට අමතරව දෙමටගොඩ, සිරිධම්ම මාවත් ඇලක තිබී කපා දැමූ පාද යුගලක් පසුගිය 14 වැනිදා හමුවුණා. එමෙන්ම වැලිකඩ - නාවල ප්‍රදේශයේ ඇලක තිබී  මිනිස් වම් අතක් හමුවූ අතර, දෙමටගොඩ - කළු පාලම අසල තිබී පිළිස්සුණු පුද්ගලයෙකුගේ කඳ කොටසක් මීට දින දෙකකට පෙර පොලිසිය සොයාගනු ලැබුවා.

මීට අමතරව, මියගොස් ඇත්තේ කවුරුන්ද යන්න සහ සොයා ගත් සිරුරු කොටස් අතර කිසියම් සබඳතාවක් තිබේද යන්න අනාවරණය කරගැනීම සඳහා ඞී.එන්.ඒ. පරීක්ෂණයක්ද පැවැත්වෙනවා.

මෙම සිද්ධීන් පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් ඉදිරි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට තීරණය කළා. ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය විමර්ශන ආරම්භ කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.

Update: Friday, 20 March 2015 - 12:21 PM
---------------------------------------------------
මළ සිරුරු කොටස් හමුවීම ගැන පොලිස්පතිගේ අවධානය

කොළඹ නගරයේ ස්ථාන කිහිපයකින් මිනිස් සිරුරු කොටස් හමුවීමේ සිද්ධීන් පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් තීරණය කර තිබෙනවා. අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී පොලිස්පතිවරයා ඒ පිළිබඳ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.  

පසුගිය දින කිහිපය තුළදී කොළඹ නගරයේ ස්ථාන කිහිපයකින් පුද්ගල ශරීර කොටස් හමුවීමද තවමත් අභිරහසක්. වම් අත නොමැති පුද්ගල මළ සිරුරක් දියවන්නා ඔයේ තිබී සොයාගත්තේ ඊයේ උදෑසනයි. මීට අමතරව දෙමටගොඩ, සිරිධම්ම මාවත් ඇලක තිබී කපා දැමූ පාද යුගලක් පසුගිය 14 වැනිදා හමුවුණා. එමෙන්ම වැලිකඩ - නාවල ප්‍රදේශයේ ඇලක තිබී  මිනිස් වම් අතක් හමුවූ අතර, දෙමටගොඩ - කළු පාලම අසල තිබී පිළිස්සුණු පුද්ගලයෙකුගේ කඳ කොටසක් පෙරේදා දිනයේදී පොලිසිය සොයාගනු ලැබුවා.

මෙම මිනිස් සිරුරු කොටස් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මළ සිරුරු අදාළ ප්‍රදේශවල රෝහල් වෙත යොමුකර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කවුරුන්ද යන්න සහ සොයා ගත් සිරුරු කොටස් අතර කිසියම් සබඳතාවක් තිබේද යන්න අනාවරණය කරගැනීම සඳහා ඞී.එන්.ඒ. පරීක්ෂණයක්ද පැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

මේ වනවිටත් මළ සිරුරු කොටස් සොයාගත් ප්‍රදේශවල සහකාර පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් අධිකාරීවරුන්ගේ මෙහෙයවීම මත පොලිස් කණ්ඩායම් 4 ක් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධීන් පිළිබඳව තවදුරටත් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සමග අද (19) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදි අවධාරණය කර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories