මුල්ගල අපේ- නෑ සල්ලි අපේ

Friday, 20 March 2015 - 7:55

%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A-++%E0%B6%B1%E0%B7%91+%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A
ගාල්ල - හබරාදූ ව බස් නැවතුම්පොළ ඉදිකිරීම සඳහා ඊයේ (19) පැවති උත්සවයකින් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ සහ නිදහස් සන්ධානයේ පාක්ෂිකයන් අතර උණුසුම්කාරි තත්ත්වයක් ඇති වුණා. මෙම උත්සවය සඳහා ආණ්ඩුව නියෝජනය කරමින් සහභාගි වූ අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක නික්මයාමෙන් පසුවයි එම තත්ත්වය හට ගත්තේ. උත්සව අවස්ථාවෙන් අනතුරුව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි එම ස්ථානයට පැමිණි අතර, තවත් පිරිසක් සමඟ අත්පත්‍රිකා බෙදමින්  බස් නැවතුම්පොළ ඉදිකිරීමට මූල්‍ය ප්‍රතිපාදන ලබාදුන්නේ පසුගිය රජයෙන් බව ප්‍රකාශ කළා. ඒ සමඟම උත්සවයට සහභාගී වී සිටි පිරිස සහ නියෝජ්‍ය කතානායකවරයා සමඟ පැමිණි පිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

 හබරාදූව බස්නැවතුම්පොල ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වූ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක සඳහන් කළේ පසුගිය රජය ඡන්ද ලබා ගැනීමේ අරමුණින්  බස් නැවතුම්පොළ සඳහා මුල්ගලක් තබා තිබූ බවයි. කෙසේ වෙතත්, බස් නැවතුම්පොළ ඉදිකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන්නේ වත්මන් රජය බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories