හිටපු ඛනිජතෙල් ඇමතිගෙන් ප්‍රශ්නකරයි

Friday, 20 March 2015 - 11:54

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%A2%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අනුර ප්‍රියදර්ශන යාපා ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ තෙල් සංස්ථාවට සිදුවූ බව කියන රුපියල් කෝටි 3 හමාරක පාඩුවක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. පැය 3කට අධික කාලයක් මෙම ප්‍රකාශය සටහන් කර ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

පසුගිය සමයේ කොළඹ වරායට නෞකාවක් මගින් ඉන්ධන ගොඩබෑමේදී, එම නෞකාවේ බෝයාව කැඞීයාම හේතුවෙන්, ඉන්ධන ගොඩබෑම සඳහා කුඩා නැවක් යොදා ගෙන තිබුණා. එමගින් ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් කෝටි තුන හමාරක පමණ පාඩු වූ බවට ලැබුණු පැමිණිල්ලකට අනුවයි පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories