සජින් වාස්ට නඩු

Friday, 20 March 2015 - 16:10

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (20) නඩු පවරනු ලැබුවා. ඒ, සිය වත්කම් සහ බැරකම් හෙළි නොකිරීමේ චෝදනාවටයි. 2012 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටිමින් සිය වත්කම් හෙළි නොකළ බවට වත්කම් හා බැරකම් පනතේ 9 - 1 වගන්තිය යටතේ මොහුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා ගොනු කර තිබෙනවා. ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළේ මාර්තු මස 31 වැනිදා සජින් ද වාස් මන්ත්‍රීවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories