සීගිරි කැටපත් පවුරට සියුම් දැල් ආවරණයක්

Saturday, 21 March 2015 - 8:05

%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සීගිරි කැටපත් පවුරේ ආරක්ෂාව සඳහා ඉදිරියේදී විශේෂ පියවර 03 ක් අනුගමනය කිරීමට සාකච්ඡා කර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක පවසනවා. ඔහු සඳහන් කළේ පසුගිය කාලයේ කැටපත් පවුරට සිදුවූ විවිධ හානි සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගැනීමට තීරණය කර ඇති බවයි. ශබ්ද විකාශන යන්ත්‍ර මගින් සංචාරකයන් දැනුවත් කිරීම, එහි එක් පියවරක්. එසේම යම් කිරණ විශේෂයක් මගින් එය ආවරණය කිරීමට ද යෝජනා කර තිබෙනවා. කෙසේ වෙතත්, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක කියා සිටියේ කඩිනමින් සියුම් දැලකින් කැටපත් පවුර ආවරණය කිරීමට මේ වන විට තීරණය කර ඇති බවයි.

මේ අතර, සීගිරි කැටපත් පවුර කොන්ඩ කටුවකින් කුරුටු ගෑමේ වරදට චෝදනා ලබා වසර දෙකක සිරදඬුවමක් නියම වූ මඩකලපුව - සිත්තන්ඩි හි පදිංචි තරුණියට පොදු සමාවක් ලබාදෙන ලෙස ඉල්ලා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයාට පෙරේදා ලිපියක් යොමුකර තිබුණා.

දඹුල්ල අධිකරණය මගින් එරාවුර්පත්තු හි පදිංචි 27 හැවිරිදි අදාළ තරුණියට වසර 2ක සිරදඬුවමක් නියම කළේ පසුගිය මාර්තු 2 වැනිදායි. පෙබරවාරි මස 14 වන දා කැටපත් පවුරේ ඇය තම නම සහ ස්තූතියි යන්න සටහන් කර තිබීම හේතුවෙන් පුරාවිද්‍යා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දෙනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories